පසුගිය ජනවාරි 4වැනිදා ඇඹිලිපිටියේ සාදයකදී පොලිසිය සමග ඇතිවූ ගැටුමකින් පසු මියගිය එක්දරු පියෙකු වන සුමිත් ප්රසන්න ජයවර්ධනගේ මරණයට අදාළ නඩුව අදත් (30) ඇඹිලිපිටිය මහේස්ත්රාත් අධිකරණයේදී කැඳවූ අතර එම මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සහකාර පොලිස් අධිකාරී චමිල් ධර්මරත්න මහතා ලබන මස 08 තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්රාත් ප්රසන්න ප්රනාන්දු මහතා එහිදී නියෝග කර තිබේ.
සුමිත් ප්රසන්න ජයවර්ධනගේ මරණයට අදාළ පරීක්ෂණයේ දෙවන වාර්තාව අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණද එය ඉදිරිපත් කර නැත. එම වාර්තාව ඉදිරිපත් කරන ලෙසටද මහේස්ත්රාත්වරයා නියෝග කර තිබේ.
මේ අතර සහකාර පොලිස් අධිකාරීවරයාට ඇප ලබාදෙන ලෙස ඉල්ලා ඉදිරිපත් කර තිබූ පෙත්සමක් සලකා බැලීමද 10වනදා කල්දමා ඇත.










