අමාත්යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු රාජ්ය ආයතන රැසක කටයුතු සුපුරුදු දෛනික ක්රියාවලියට සිදු නොවන බව වාර්තා වේ.
මේ වනවිට පවතින ආණ්ඩුවේ අස්ථාවරත්වය නිසා මේ තත්වය උදා වී ඇති බව අදාළ ආයතනවල ඉහළ නිලධාරීන් ඇතුළු කාර්යමණ්ඩල වාර්තා කරයි. මෙම තත්වය ඇමතිවරු ඉල්ලා අස්වීම සම්බන්ධ ප්රවෘත්තිය නිසා ඇති වී තිබෙන තත්වයෙන් ඔබ්බට ගොස් බරපතල අවිනිශ්චිත තාවයක් දක්වා වර්ධනය වී ඇති බව අනාවරණය වේ.
රජ්ය ආයතනවල ප්රධානීන් ජනාධිපතිවරයා හෝ අදාල අමාත්යවරයා විසින් සෘජුවම පත් කිර තිබීම මත විශාල වශයෙන් අරාජිකත්වයක් නිර්මාණය වී ඇති බව එම ආයතනවල ආරංචිමාර්ග සඳහන් කරයි.










