අප වැන්නන්ගෙන් ජවිපෙ බලාපොරොත්තු වූ දේ ජනාතාව බලාපොරොත්තු වුනේ නැහැ

ජනතා විමුක්ති පෙරමුණ තමන් වැනි නිර්පාක්ෂික ස්වාධීන පුද්ගලන්ද තවත් බුද්ධිමතුන්, විද්වතුන්ද ඇතුළු ජාතික ලැයිස්තුවක් ඉදිරිපත් කරමින් වංචාවට දූෂණයට වැටබැඳීමට ගත් උත්සාහට අදාළ ජනවරමක් ජනතාව විසින් ලබා නොදුන් බැවිනුත් ප්‍රධාන පක්ෂ දෙකේම වංචාන් දූෂණයන්ට හවුල් වූන්ගේ කාරනා සුළු කොට තකා වැඩි වශයෙන් පාර්ලිමේන්තුවට එවා ඇති බැවිනුත් තමන් එම ජන මතය මත පදනම්ව සිය මන්ත්‍රී ධුරයෙන ඉල්ලා අස්වන බව හිටපු විගනකාධිපති ජවිපෙ ජාතික ලයිස්තු මන්ත්‍රී සරත් චන්ද්‍ර මායාදුන්නේ මහතා පවසයි.

අද (03) පාර්ලිමේන්තුවේදී තම ඉල්ලා අස්වීමට හේතු දක්වමින් විශේෂ ප්‍රකාශයක් කළ මායාදුන්න මහතා වැඩිදුරටත් කියා සිටියේ…

තමා කෙරෙහි විශ්වාසය තබමින් තමන් විසින් ගෙන ගිය දූෂණ විරෝධී අරගලය පාර්ලිමේන්තුවටත් ගෙන ඒමට පක්ෂයේ පිටස්තරයෙකු වන තමාට ඒ සඳහා අවස්ථාවක් ලබාදීමත් පිළිබඳ ජවිපෙට තම කෘතඥතාව පළකරන බවය. ජවිපෙ මේ මොහොතේද තමාගෙන් ඉල්ලා සිටින්නේ තවදුරටත් මන්ත්‍රී ධූරයේ රැඳී සිටින බව යයි පෙන්වා දුන්නේය.

එසේ වුවද ‘දූෂණයෙන් තොර රටක්’දැකීමේ තම අභිලාෂයන් මෙන්ම දූෂණයට එරෙහිව දිගින් දිගටම කටයුතු කළ පක්ෂයක් ලෙස ජවිපෙට අපේක්ෂා කළ තරමට පසුගිය මහ මැතිවරණයෙන් එම ප්‍රතිපත්ති සඳහා ජනතා අනුමැතියක් ලැබී නොමැති බව ඔහු අවධාරණය කළේය.

ඒ නිසාම ජාතික ලැයිස්තුවෙන් නම් කරන ලද තමන් වැනි උගත් බුද්ධිමතුන්ද ජනතාව විසින් ප්‍රතික්ෂේප කර ඇති බැවින් ජනතා මතයට හිස නමා තමන් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව මායාදුන්න මහතා පෙන්වා දුන්නේය.

රාජ්‍ය සේවය දේශපාලනීකරණයෙන් ගලවාගැනීමටත්, රාජ්‍ය සේවය ආරක්ෂා කරලීමටත් බොහො කැපවීම් කරනු ලැබූ ජවිපෙට රාජ්‍ය සේවකයින්ගේ ඡන්දය වන තැපැල් ඡන්ද භාවිතයේදී හෝ අනුමැතිය ලබානොදුන් බවත්, ප්‍රකාශිත තැපැල් ඡන්ද ප්‍රතිශතයෙන් ජවිපෙට ලැබුණේ 7.5% ක් පමණක් බවත් ඔහු අවධාරණය කළේය.

එබැවින් ජනතාව අනුමත කර ඇත්තේ දූෂණ විරෝධීන් නොව දූෂකයින් බැවින් ඉතා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ජනතා මතයට ගරු කරමින් තමන් ඉල්ලා අස්වන බව ඔහු පෙන්වා දුන්නේය.

තමාගෙන් හිස්වන මන්ත්‍රී ධූර පුරප්පාඩුව සඳහාද තමා වැන්නෙකු මිස නුසුදුස්සෙකු පත්කරනු ඇතැයි කිසිසේත්ම විශ්වාස නොකරන බවත්, චෝදනා නොලද, දූෂණ විරෝධී, උගත් බුද්ධිමතුන් බොහෝ පිරිසක් ජවිපෙ සතු බවත් මායාදුන්න මහතා කියා සිටියේය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්