අපේ රටේ ගරිල්ලා කදවුරු නෑ – චාවේස්

වෙනිසියුලානු භූමිය තුළ ෆාර්ක් ගරිල්ලා කදවුරු හෝ ආරක්ෂිත ස්ථානයන් ස්ථාපනය කර නොමැති බව වෙනිසියුලානු ජනාධිපති හියුගෝ චාවේස් පවසයි.
කොළොම්බියාවේ වෙනිසියුලානු දේශසීමාවට ආසන්න ලා ගුවාජිරා පලාතේදී ෆාර්ක් ගරිල්ලා ප‍්‍රහාරයකින් කොළොම්බියානු හමුදා භටයින් 12 දෙනෙක් මියයාමෙන් පසුව කොළොම්බියානු බළධාරින් විසින් ෆාර්ක් ගරිල්ලන් හට අසල්වැසි වෙනිසියුලාව ආධාර කරන බවට කල චෝදනාව ප‍්‍රතික්ෂේප කරමින් වෙනිසියුලානු නායකයා මේ බව පැවසීය.
කොලොම්බියාව තුල ස්ථිරසාර සාමයක් ගොඩනැංවීම සදහා සෑම විටම තම රජය කැපවී කි‍්‍රයා කිරීමට සූදානම් නමුත් සන්නද්ධ ගැටුම් සදහා කිසි විටෙකත් ආධාර හෝ අනුබල නොදෙන බවත් වෙනිසියුලානු නායකයා වැඩි දුරටත් පැවසීය.

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්