බැඳුම්කර සිද්ධිය පිළිබඳව ශ්රී ලංකා නිදහස් පක්ෂය පිළිගන්නේ නීත්යානුකූල කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් ඉදිරිපත් කරන වාර්තාව බව අද (26) පැවති සාකච්ඡාවකදී ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්ය සාකච්චාවකදී නියෝජ්ය අමාත්ය චන්දිම වීරක්කොඩි මහතා සඳහන් කර තිබේ.
ශ්රී ලංකා නිදහස් පක්ෂය කිසිවෙකුවත් ආරක්ෂා කිරීමට සහයෝගය ලබානොදෙන බවත් අදාළ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ පසු එම වාර්තාවට අනුව වරදක් සිදුවී තිබෙන්නේනම් ඊට අදාළ නීත්යානුකූල ක්රියාමාර්ග ගතයුතු බවත් වීරක්කොඩි මහතා එහිදී සඳහන් කර ඇත.
අමාත්යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ බැඳුම්කර සිද්ධියේදී රටට පාඩුවක් සිදුවී තිබෙන්නේනම් එම පාඩුව අයකර ගැනීමට කටයුතු කළයුතු බවයි.









