1971 අප්රේල් නැගිටීමට අදට (05) වරස 50කි.
මේ නිමිත්තෙන් ජනතා විමුක්ති පෙරමුණ විසින් ප්රධාන සැමරුම් 04ක් සංවිධානය කර තිබේ. ඒ අනුව හම්බන්තොට, ගම්පහ, පොළොන්නරුව, කුරුණෑගල යන දිස්ත්රික්කවලදී විරු සමරු වැඩසටහන් පැවැත්වේ.
එම සමරු වැඩසටහන් ජවිපෙ නායක අනුර දිසානායක, ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා, දේශපාලන මණ්ඩල සභිකයින් වන විජිත හේරත්, ලාල්කාන්ත සහ මධ්යම කාරක සභික සමන්ත විද්යාරත්න යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.












