අපරාධ සොයන පොලීසියට නියෝජ්‍ය අධ්‍යක්ෂකවරියක්

අපරාධ සොයන පොලීසියට නියෝජ්‍ය අධ්‍යක්ෂකවරියක්

පොලිස් දෙපාර්තමේන්තුවේ ඉතිහාසය තුළ පළමු වතාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ තනතුර සඳහා කාන්තා නිලධාරිනියක් පත් කර තිබේ.

ඒ අනුව එම තනතුර සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉමේෂා මුතුමාල මහත්මිය මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතිය පත්ව ඇත. එම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරිය 2007.11.03 වන දින ආධුනික සහකාර පොලිස් අධිකාරීවරියක් ලෙස පොලිස් සේවයට බැඳ ඇති අතර වසර 14ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති නිලධාරීනියකි.

රුහුණු විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධියත්, විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධියත් ලබා ඇති එතුමිය විදෙස් පාඨමාලා ගණනාවක්ද හදාරා තිබේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ හවායි පොලිස් අභ්‍යාස ආයතනයේ දී අර්බුද කළමනාකරණ පාඨමාලාවත්, තායිලන්තයේ බැංකොක් නුවර දී FBI ආයතනය මඟින් පවත්වන ලද මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පාඨමාලාවත්, මැලේසියාවේ රාජකීය පොලිස් ඇකඩමියේ දී ප්‍රජා පොලිස්කරණය පිළිබඳ පාඨමාලාවත්, ඉන්දියාවේ හයිද්‍රාබාද් පොලිස් ඇකඩමියේ දී අන්තර්ජාල අපරාධ පිළිබඳවත් පාඨමාලා හදාරා ඇත.

මෙම තනතුරට පත්වීමට පෙර ඇය නුගේගොඩ කොට්ඨාසය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ පොලිස් නිෂ්කාශන වාර්තා ඒකකයේ රාජකාරී සිදුකර ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්