අනුර පැවරූ අපහාස නඩුව නිසා නාමල් තිස්සකුට්ටිගේ කට වහලා

අනුර පැවරූ අපහාස නඩුව නිසා නාමල් තිස්සකුට්ටිගේ කට වහලා

මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින නාමල් රාජපක්ෂ සහ ප්‍රසන්න රණතුංග දෙදෙනා දැඩි ලෙස වැළඳගැනීමේ ඡායාරූපයත් සමඟ නාමල් රාජපක්ෂගේ සමීපතමයෙකු වන තිස්ස කුට්ටිආරච්චිට කුමක් සිදුවී දැයි ප්‍රශ්නයක් මතුවී තිබේ.

මේ පිළිබඳව සොයා බැලූ මාධ්‍යවේදීන්ට හෙළිවී තිබෙන්නේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක විසින් තිස්ස කුට්ටිආරච්චිට එරෙහිව රුපියල් බිලියන 10ක වන්දි ඉල්ලා පවරා තිබෙන අපහාස නඩුව නිසා කට පරිස්සම් කර ගන්නා ලෙස නාමල් රාජපක්ෂ ඔහුට අවවාද කර ඇති බව ය.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මෝල්ටාවේ මුදල් ආයෝජනය කළ බවට අසත්‍ය තොරතුරු පදනම් කරගෙන ද්වේශ සහගත ලෙස ව්‍යාජ ප්‍රකාශයක් සිදු කළ පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චිට එරෙහිව සිදුකළ අපහාසයට වන්දි ඉල්ලා පසුගිය 2023. 09.18 දින අනුර දිසානායක විසින් එන්තරවාසියක් යැවීමට කටයුතු කළේය.

එම එන්තරවාසිය සඳහා කිසිදු පිළිතුරක් ලබාදීම තිස්ස කුට්ටිආරච්චි විසින් මගහරින ලදී. ඉන් අනතුරුව එම එන්තරවාසිය පදනම් කරගෙන ජාතික ජන බලවේගයේ නායකයා විසින් 2023.10.13 දින කොළඹ දිසා අධිකරණයේදී DMR / 2065 / 2023 යන නඩු අංකය යටතේ තිස්ස කුට්ටිආරච්චිට එරෙහිව බිලියන 10ක මුදලක් ඉල්ලා අපහාස නඩුවක් ගොනු කරන ලදී.

එම නඩුව ප්‍රථම වරට කැඳවන ලද්දේ 2023.11. 28 දිනය. නමුත් එදින තිස්ස කුට්ටිආරච්චි නඩු විභාගයට පෙනී නොසිට අධිකරණය මගහැරීමට කටයුතු කරන ලදී. ඔහු වෙනුවෙන් නීතිඥයෙකු හෝ ඉදිරිපත් නොවීය. අනතුරුව කොළඹ දිසා අධිකරණයේ විනිසුරුවරයා විසින් පිස්කල් මගින් තිස්ස කුට්ටිආරච්චිට සිතාසි නිකුත් කිරීමට කටයුතු කරන ලදී. එම නඩු විභාගය අගෝස්තු මස 20 වෙනි දින නැවත කැඳවීමට දින නියම කර තිබේ.

මැතිවරණයක් ආසන්නයේ මේ ලෙස තම සමීපතමයයෙකු හට විරුද්ධව අධිකරණයේ නඩු පැවතීම බරපතළ අවාසිදායක තත්වයක් නිසා මේ ආකාරයෙන් තම කට පරිස්සම් කර ගන්නා ලෙස අවවාද කර ඇති බව අනාවරණය වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්