අනුරාධපුරයේදී මහින්දට මහින්ද අමතකවෙයි…

අනුරාධපුරයේදී මහින්දට මහින්ද අමතකවෙයි…

අනුරාධපුරයේදී ඊයේ (09) පැවැත්වූ ආණ්ඩුවේ ජන රැලිය අමතා අගමැති මහින්ද රාජපක්ෂ කළ කතාවේදී නුගේගොඩින් ආරම්භ කළ “මහින්ද සුලඟ” රැලි මාලාව අමතක වී ගොස් ඇත.

මහින්ද රාජපක්ෂ පරාජයට පත් වූ 2015 ජනාධිපතිවරණයෙන් පසුව නැවත ජයග්‍රහණය කිරීමේ ජනහමු නුගේගොඩින් ආරම්භ කළද ඊයේ ආනුරාධපුරයේදී ඒ බව ඔහුට අමතකව ගොස් තිබේ. ඊයේ රැලිය අමතා අගමැතිවරයා කළ කතාවේදී සඳහන් කළේ ඔවුන්ගේ ජයග්‍රාහී ප්‍රචාරක රැලි සියල්ලක්ම අනුරාධපුරයෙන් ආරම්භ කළ බවය.

මේ අතර අනුරාධපුරයෙන් ආරම්භ කළ මෙම රැලියට ආණ්ඩුවේ පොහොට්ටු පක්ෂයම නියෝජනය කරන මුල් පෙළේ ඇමතිවරු රැසක් සහභාගී වී නොසිටීම පිලිබඳව මාධ්‍ය ක්ෂේත්‍රයේ කතාබහක් ඇති වී තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්