අනුරගෙන් අභියෝගයක්

රනිල් වික්‍රමසිංහ මහතාත් මහින්ද රාජපක්ෂ මහතාත් රට හදන ආර්ථික වැඩපිළිවෙළත් රැගෙන තමන් හා අදහස් අදහස් අතර ගැටුමකට එන්නැයි අනුර දිසානායක මහතා විවෘත ආරාධනාවක් කරමින් ඉල්ලා සිටියි.

පසුගියදා ස්වර්ණවාහිනී නාලිකාවේ පැවති සජීවි වැඩසටහනකදී ඔහු එම ආරාධනාව කරන ලද අතර මෙතෙක් ඒ සඳහා කිසිදු නාලිකාවක ඉඩක් සකසා නොමැතිබව පැවසේ.

“සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය නම් තමන්ගේ අදහස් එකම වේදකාවක සිටි ජනතාවට ඉදිරිපත්කර නිවැරදි මතය ජනතාවට තෝරාගැනීමට ඉඩහැරීමයි. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදයට රනිලුත් මහින්දත් බයයි. මා නැවතත් විවෘතව ආරාධනා කරනවා, ජනතාව මේ අවස්ථාව දැකගන්න ආශාවෙන් ඉන්නාවා. ඒනිසා රනිල්, මහින්ද එන්න. අපි අදහස්වලින් ගැටී ජයගනිමු. යයි අනුර දිසානායක මහතා වැඩිදුරටත් පවසා ඇත.

ඔහුගේ ආරාධනාව සහිත වීඩියෝව

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්