අනාරක්ෂිත දුම්රිය ගේට්ටුකරුවන්ගේ වර්ජනය දිගටම

දුම්රිය අනාරක්ෂිත ගේට්ටුකරුවන් අරඹා ඇති වර්ජනයට දින දෙකක් ගත වුවත් රජය මේ දක්වා කිසිදු විසඳුමක් දීමට ඉදිරිපත් නොවු බවත් ඉල්ලා ඇති ඉල්ලීම් ලබා දෙන තුරු අඛන්ඩ වර්ජනයේ යෙදෙන බවත් ශ්‍රී ලංකා අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග ගේට්ටු ක්‍රියාකරු සාමාජිකත්ව එකමුතු සංගමයේ සභාපති ජේ.ඒ.සි.ප්‍රේමලාල් මහතා පවසයි.

ජනතාවගේ ආරක්ෂාව සඳහා දුම්රිය අනාරක්ෂිත ගේට්ටුවල සේවයේ නියුතු වුවත් දිනකට රුපියල් 250ක මුදලකින් පවුලක් නඩත්තු කරගෙන ජීවත්වීම ගැටලුවක් බවත් තමන්ට ලැබෙන වැටුපට රුපියල් 5000ක මුදලක් ලබා දිය යුතු බවත් ඉල්ලමින් ඊයේ (31) දුම්රිය අනාරක්ෂිත ගේට්ටුකරුවෝ වර්ජනයක් ඇරඹූහ. 

එම මාර්ගවල ගමන් ගන්නා ජනතාව කියනුයේ මෙයින් තමන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බවත් මෙම ගේට්ටු කරුවන්ගේ ප්‍රශ්නය සඳහා ආණ්ඩුව වහාම මැදිහත් වී විසඳිය යුතු බවත්ය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්