අන්තර්ජාල සබ්මැරීන් කේබලයක දෝෂයක්… ලංකාවේ අන්තර්ජාල සැපයුමටත් ප්‍රශ්නයක්

අන්තර්ජාල සබ්මැරීන් කේබලයක දෝෂයක්… ලංකාවේ අන්තර්ජාල සැපයුමටත් ප්‍රශ්නයක්

අන්තර්ජාතිකව අන්තර්ජාලය බෙදාහරින ඉන්දියන් සාගරය හරහා දිවෙන සබ්මැරීන් මධ්‍යස්ථානයක කේබලයේ (SMW4)  හටගත් දෝෂයක් හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක අන්තර්ජාල පහසුකම් අඩපනවනු ඇතැයි පැවසේ.

මෙම බිඳවැටීම සිදුවී ඇත්තේ ඉන්දියන් සාගරය තුළ එලා ඇති ජාත්‍යන්තර සබ්මැරීන් කේබල් ජාලයේ බෙංගාල බොක්ක කලාපයේය. මෙම පද්ධතියේ මෙහෙයුම් කටයුතු සිදුකරනු ලබන්නේ පකිස්ථානයේ විදුලිසංදේශන සමාගම විසිනි.

විදෙස් මාධ්‍ය තහවුරු කරන්නේ ශ්‍රී ලංකාව , සිංගප්පූරුව මැලේසියාව තායිලන්තය බංග්ලාදේශය බංගලාදේශය ඉන්දියාව පකිස්ථානය එක්සත් අරාබි එමිර් රාජ්‍යය සවුදි අරාබියාව සෞදි අරාබියාව සුඩානය ඊජිප්තුව ඉතාලිය ටියුනීසියාව ඇල්ජීරියාව ප්‍රංශය ඇතුළු රටවල් අතර සන්නිවේදන කටයුතු මේ හරහා සිදුකරන බවය.

ඉදිරි දින කිහිපය තුළ මේ සඳහා විකල්ප ක්‍රම යෙදවීමට කටයුතු කරන බව පකිස්තානු විදුලි සංදේශ සමාගම පවසයි.

විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ, මෙම දෝශය හේතුවෙන් වැඩි ඉල්ලුමක් පවතින කාලය තුළ ඇතැම් පරිශීලකයින්ට අඩු ඉන්ටර්නෙට් වේගයක් අත්විඳීමට සිදු විය හැකි බවය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්