අනවසර මිනිරන් පතල් සෙවීමට ගිය රාජ්‍ය නිලධාරීන් හා පරිසර සංවිධානවලට මැර ප්‍රහාරයක්

අනවසර මිනිරන් පතල් සෙවීමට ගිය රාජ්‍ය නිලධාරීන් හා පරිසර සංවිධානවලට මැර ප්‍රහාරයක්

මාතලේ අස්ගිරිය උඩසියපත්තුවේ පිහිටි ඇටිපොල කන්ද ආශ්‍රිතව පවත්වා ගෙන යන  මිනිරන් පතල් කර්මාන්තය හේතුවෙන් සිදුවන පාරිසරික හා සමාජීය ගැටළු සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක් ඊයේ(28) දින  යටවත්ත ප්‍රාදේශීය ලේකම්,  රාජ්‍ය නිලධරීන් හා පරිසර සංවිධාන කිහිපයක් විසින් යොදා ගෙන තිබූ අතර පතල් සේවකයින් බව කියාගත් මැර පිරිසක් එම චාරිකාවට බාධාකළ බවට සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසට මරණීය තර්ජන එල්ල කළ බවට අදාල පරිසර සංවිධාන යටලවත්ත පොලීසියට පැමිණිලි ඉදිරිපත් කර ඇත.

මෙම චාරිකාවට මාතලේ දිස්ත්‍රික් පරිසර නීති කමිටුවේ නිලධාරීන් මෙන්ම ගම්වසින්ද එක්ව තිබේ.

ඇටිපොල කන්ද පාමුල පිහිටි ඇළ කේන්ද්‍ර කරගනිමින් භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ බලපත්‍ර ලබාගත් මිනිරන් පතල් තුනක් ඇති අතර අනවසරයෙන් කැනීම් කරන තවත් පතල්  හයක් ඇති බවට ගම්වාසීන් හා පරිසරවේදීන් පෙන්වාදීම හා බරපතල පරිසර හානියක් සිදුවන බවට ලබාදුන් තොරතුරු සොයා බැලීම නිරීක්ෂණයේ අරමුණවී තිබේ.

ප්‍රාදේශීය ලේකම් ඇතුළු නිලධාරීන් කැනීම් පරිශ්‍ර භූමියට ඇතුල්වීමට උත්සහ දැරීමේදී  පතල්කරුවන් 40 ක පමන් පිරිසක් පොලු මුගුරු රැගෙන මරණිය තර්ජන කරමින් බාධා එල්ලකර තිබෙන අතර මෙම මැර කණ්ඩායමේ පහරදීම හේතුවෙන් 65 හැවිරිදි හේරත් බණ්ඩා නම්වූ  ගම්වසියෙකු තුවාල ලබා යටවත්ත රෝහලට ඇතුලත් කර ඇත. පහරදීමෙන් තවත් පිරිසක් සුළු තුවාල ලබා ඇත.

මේ පිලිබදව යටවත්ත පොලිසියට පැමිණිලි හතරක් කර ඇති බව මාතලේ පරිසර මිතුරෝ සංවිධානයේ කැදවුම්කරු සිසිර කුමාර මහතා කියා සිටියි.

යටවත්ත පොලිසිය සිද්ධිය පිලිබදව පරීක්ෂණ සිදුකරයි.

https://www.facebook.com/knucklsisours/videos/2135366146761788/

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්