ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දින 21 ක් පුරා පැවැති විශ්වවිද්යාල අනධ්යයන සේවක වර්ජනය අවසන් වූ බව වාර්තාවේ. අද (26) සවස කම්කරු අමාත්යාංශයේ පැවැති සාකච්ඡාවේදී ගිවිසුමකට අත්සන් කර ඇති අතර එයින් අනතුරුව වර්ජනය අවසන් කිරීමට තීරණය කර ඇති බවත් වාර්තා වේ.









