විශ්වවිද්යාල ආචාර්ය සමිති සම්මේලනයට අනුබද්ධ අධ්යාපනය මිලිටරිකරණයට එරෙහි ජනතා ව්යාපාරය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර හමුවක් අද (30) පෙරවරුවේ එම පක්ෂ ප්රධාන කාර්යාලයේදී පැවැත්විණි.
අධ්යාපනය පෞද්ගලීකරණයට සහ මිලිටරීකරණයට පාර කපන කොතලාවල පනතට එරෙහිව ඉදිරියේදී ගත හැකි ක්රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.
මේ අවස්ථාවට අධ්යාපනය මිලිටරිකරණයට එරෙහි ජනතා ව්යාපාරය නියෝජනය කරමින් කොළඹ විශ්වවිද්යාලයේ සමාජ විද්යා පීඨයේ අංශාධිපති මහාචාර්ය පරා හනීෆා, මොරටුව විශ්වවිද්යාලයේ ජ්යෙෂ්ඨ කථිකාචාර්ය සිතුමිණි රත්නමළල, නීතිඥ K.S රත්නවේල් යන අය සහභාගි වූ අතර ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා, ප්රචාරක ලේකම් විජිත හේරත් සහ මධ්යමකාරක සභික වෛද්ය නලින්ද ජයතිස්ස යන අය සහභාගි වූහ.















