අද පුවත්පත් සිරස්තල

අද පුවත්පත් සිරස්තල

‍

දිනමිණ

නව ව්‍යවස්ථාවක් ගෙනෙන තෙක් පළාත් ඡුන්දය කල්දාන්න – හිමිවරු දස නමක් ජනපතිට ලියති – (පිටුව 01)

පාස්කු ප‍්‍රහාර සමයේ කඩු 6000ක් ගෙනා හැටි සොයන්න සී.අයි.ඩී. කණ්ඩායම් දෙකක් – (පිටුව 01)

‘රවි හංසි’ යාත‍්‍රාවේ කෝටි 8100ක කුඩු ගෙනල්ලා – පතරොම් 1000ක් සමග ගිනි අවි පහකුත් තිබිලා – (පිටුව 01)

රංජන්ට එරෙහි මහින්දානන්දගේ නඩුව සමථයට – (පිටුව 01)

අඩු මිලට අද සිට සහල් – නාඩු රු:97/- කැකුළු රු:93/-යි – (පිටුව 01)

විෂ පොල්තෙල් ගැන සී.අයි.ඞී.යෙන් පරීක්ෂණයක් – (පිටුව 01)

උත්සව සමයේ සතොසෙන් සහන මල්ලක් – බන්දුල ගුණවර්ධන – (පිටුව 01)

පොල්තෙල් ප‍්‍රතිඅපනයනය විසඳුම නොවේ – සුනිල් හඳුන්නෙත්ති – (පිටුව 01)

පොල්තෙල් බවුසර් රේගුවට දුන්නැයි මහේස්ත‍්‍රාත් පොලිසියට දෙහි කපයි – (පිටුව 01)

මාස තුනකදී මාර්ග අනතුරුවලින් පොලිසියේ 18ක් මරුට – (පිටුව 01)

පරිසරය විනාශ කරන්නන් අත්අඩංගුවට ගන්න – පොලිස්පතිගෙන් උපදෙස් – (පිටුව 01)

සෝමාවතිය ජාතික වන උද්‍යානයේ අක්කර ගණනක ගස් කපලා – අනවසරයෙන් වගා කිරීමේ සූදානමක් – (පිටුව 03)

ඊයේ දිනයේ රිය අනතුරුවලින් 08ක් මරුට – (පිටුව 03)

ජල සම්පත් කළමනාකරණයට නව උපාය මාර්ගික ප‍්‍රවේශයක් – (ලිපියක්) – (පිටුව 04)

රථවාහන අනතුරුවලට මාර්ගවල ප‍්‍රමිතිය ඍජුව බලපානවා – ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අමල් කුමාරගේ – (සම්මුඛ සාකච්ඡුාව) – (පිටුව 05)

පොල්තෙල්වල ප‍්‍රමිතිය සොයා බලන්නේ ශී‍්‍ර ලංකා ප‍්‍රමිති ආයතනය මිස ආණ්ඩුව නොවේ – (පිටුව 08)

ගෙවීගිය වසර 1 1/2 තුළ දැවැන්ත සංවර්ධනයක් සිදුව තිබෙනවා – අධිකරණ ඇමති කියයි – (පිටුව 09)

අය-වැය පරතරය, උද්ධමනය, බැංකු පොලිය පාලනය කර ගත්තොත් – අපට ස්ථාවර මූල්‍යමය ශක්තියක් ඇතිකර ගත හැකියි – ඇමති කෙහෙලිය රඹුක්වැල්ල – (පිටුව 09)

විභාග දෙපාර්තමේන්තුව පෞද්ගලීකරණය කරන්නේ නැහැ – විභාග කොමසාරිස් ජනරාල් – බී. සනත් පූජිත – (පිටුව 10)

අපේ අරමුණ මිනිසාට මිනිසා පීඩා නොකරන සමාජයක් ගොඩනැගීමයි – කේ.ඩී. ලාල් කාන්ත – (පිටුව 11)

ලූණුගම්වෙහෙර පවුල් 500ක් බොන්නේ මඩ වතුර – (පිටුව 17)

අරණායක රහලගල රක්ෂිතයේ මහා දැව ජාවාරමක් – (පිටුව 17)

නිවාස ඉල්ලා පුදුකුඩු ඉරිප්පු ජනතාව වීදි බසී – (පිටුව 19)

අද

භාණ්ඩ මිලදී ගැනීමේ ගැටලූවක් නම් 1997ට දැනුම් දෙන්න – (පිටුව 01)

ඉන්දීය රුපියල් කෝටි 3000ක කුඩු සමග ලංකාවේ 06ක් අල්ලයි – හෙරොයින් කිලෝ ග‍්‍රෑම් 300ක්, ්ණ 47ගිනි අවි පහක්, මිලි මීටර් 09යේ උණ්ඩ 1000ක් බෝට්ටුවේ තිබී සොයා ගනී – (පිටුව 01)

ඩොලරය රුපියල් 122/- ඉක්මවයි – (පිටුව 01)

චීන එන්නත් ලක්ෂ 06ක් ජනපති බාර ගනී – (පිටුව 01)

සහතික මිලට අද සිට සහල් – (පිටුව 01)

බැලිස්ට එරෙහි ජී.අයි. බට නඩුව, සැප්තැම්බර් 27 වැනිදා සිට විභාගයට – (පිටුව 01)

දේවස්ථාන හා තෝරා ගත් හෝටල්වලට විශේෂ ආරක්ෂාවක් – (පිටුව 01)

අත්අඩංගුවට ගත් පොල්තෙල් බවුසර් දෙක වෙළඳපොළට නිකුත් කළ ඒවා නොවේ – (පිටුව 01)

භාණ්ඩ ප‍්‍රතිඅපනයනය කර තිබේද, යන පසුවිපරම් කිරීමේ හැකියාව රේගුව, ප‍්‍රමිති ආයතනයට ලබාදීලා – ශී‍්‍ර ලංකා ප‍්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් – ආචාර්ය සිද්ධිකා සේනාරත්න – (පිටුව 04)

මහබැංකු භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව යනු කුමක්ද කියා හෝ නීතිපතිවරයාට අවබෝධයක් නෑ – ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන – (පිටුව 05)

පිළිකා කාරකය අඩංගු පොල්තෙල් ප‍්‍රතිඅපනයනය ගැන රේගුව කෙරෙහි 100%ක විශ්වාසය තැබීමේ හැකියාවක් නැහැ – පරිසර යුක්ති කේන්ද්‍රය – (පිටුව 05)

සෝමාවතිය ජාතික උද්‍යානයේ වන සංහාරයක් සිදුකරන බවට චෝදනාවක් – (පිටුව 06)

තෙල් ගවේෂණ නෞකා දෙකක් හම්බන්තොට – (පිටුව 07)

වඩුමුණේ හින්දු දේවාල භූමියට අයත් රක්ෂිතයක අන්තවාදී පිරිසක් පරිසරය විනාශ කරමින් සිටිනවා – සුරකිමු වැලිකන්ද සංවිධානයෙන් චෝදනා – (පිටුව 07)

රත්නපුර නව නගරයේ ඇවිදින මංතීරු ඉදිකිරීමට මාර්ග දෙපස ගස් 103ක් කපා දැමීමේ සූදානමක් – (පිටුව 08)

රාජකීය බිසෝ පොකුණ පිහිටි පුරාවිද්‍යා රක්ෂිතයට ජයභූමි ඔප්පු ලබාදීමෙන් පුරාවිද්‍යා නටබුන් විනාශවීමේ අවදානමක් – (පිටුව 08)

තරුණ පෙළ රවටන තවත් පිරමීඩ ජාවාරමක තොරතුරු හෙළිවේ – (ලිපියක්) – (පිටුව 09)

පොලිස් නිලධාරියෙකුගේ ඥාතීන් තම නිවස කඩා දැමුවේ යැයි තිදරු පියෙක් පොලිස් අමාත්‍යවරයා හා පොලිස්පති ඉදිරියේ විරෝධයක – (පිටුව 09)

ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලෙන් කාන්තාවන් බේරා දෙන්නැයි මීගමුවේදී හා මුලතිව් හිදී විරෝධතා – (පිටුව 10)

ලංකාදීප

උසස් අධ්‍යාපනය මුවාවෙන් කෝටි 30ක වංචාවක් – තාත්තයි, පුතයි, දූලා දෙන්නයි, බෑනයි රිමාන්ඞ් – (පිටුව 01)

කෝටි 300ක කුඩු – පතරොම් 1000ක් ලංකා ධීවරයෝ 06ක් කේරළ මුහුදේදී අත්අඩංගුවට – (පිටුව 01)

පාස්කු ඉරිදා ප‍්‍රහාරකයන්ට ඉදිරි දෙමසේදී ස්ථීරවම නඩු – අලි සබි‍්‍ර – (පිටුව 01)

පියාගේ රෝහල් ඇඳ ඉහපතේ තිබූ වැරදි රුධිර වාර්තාව අතුරුදහන් වෙලා – දුවගේ පැමිණිල්ලට කුරුණෑගල රෝහලෙන් විමර්ශනයක් – (පිටුව 01)

ඩොලර් ඉල්ලම පෑදෙන වනය සතාසීපාවා වනසන පාපතරයෝ – (ලිපියක්* – (පිටුව 04)

ආණ්ඩුවේ ශක්තිය පළාත් සභා ඡුන්දවලින් පෙනෙයි – ඇමති ගාමිණී ලොකුගේ – (පිටුව 05)

යහපාලන කාලයේ මොනතරම් වසවිස කැවුණාද කියා කවුරුත් දන්නේ නෑ – මධුර විතානගේ – (පිටුව 05)

ගමත් හවුල් කරගෙන එජාපය අලූත් ගමනක් පටන් ගන්නවා – රුවන් විජේවර්ධන – (පිටුව 05)

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 12ක බඩු මල්ල රුපියල් 1000/-ට අද සිට සතොසෙන් – ඇමති බන්දුල කියයි – (පිටුව 06)

බැඳුම්කර නිකුතුව කියන්නේ මොකක්ද කියාවත් නීතිපති දන්නේ නෑ – රජයට අප දුන් ණය මුදල් අපිම වංචා කරන්නේ කෙසේද – ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන කියයි – (පිටුව 11)

තීරණාත්මක මොහොතක් රට දැන් භයානක තැනක – හිටපු විදේශ ඇමති මංගල සමරවීර කියයි – (පිටුව 12)

සමිති සටනින් ප‍්‍රධාන තැපැල් කාර්යාල වැඩ අඩාල වෙයි – (පිටුව 14)

වතු සමාගම් 20ක පෙත්සම විභාගයට ගන්නවාද නැද්ද – නියෝගය 05වැනිදා – (පිටුව 14)

දිවයින
ඉන්දියන් මුහුදු සීමාවේදී ඇල්ලූ ශ්‍රී ලංකා ධීවර යාත‍්‍රාවේ කෝටි 8000ක කුඩු – (පිටුව 01)

පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගෙන් රතු එළියක් – (පිටුව 01)

පොල්තෙල් ජාවාරමේ අලගිය-මුලගිය තැන් සොයනවා – අගමැති මහින්ද රාජපක්ෂ – (පිටුව 01)

මට බැනලා වැඩක් නැහැ – ජිනීවා පැරදුනේ ආණ්ඩුවේ වරදින් – මංගල කියයි – (පිටුව 01)

සහල් මාෆියාව අදින් ඉවරයි – (පිටුව 01)

අලි-මිනිස් ගැටුමට විසඳුම් ඉල්ලන මහියංගන සත්‍යග‍්‍රහයට මන්ත්‍රීවරුත් එක්වෙති – (පිටුව 05)

කළු කඩ මාෆියාවට වැට බඳිනු – (කතුවැකිය* – (පිටුව 06)

කොටස් වෙළඳපොළ වර්ධනය කර ගැනීම (ලිපිය* – (පිටුව 06)

පරිසර සංවේදී කලාප ලැයිස්තු ගත කෙරේ – විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියයි – (පිටුව 07)

නීති ලිහිල් කළේ ගස් කපන්න නොවේ – පරිසර ඇමති මහින්ද අමරවීර – (පිටුව 13)

ගල් කොරිවලට බලපත‍්‍ර ලබාදෙන විට පරීක්ෂණයක් සිදුකර බලපත‍්‍ර නිකුත් කරන්න – (පිටුව 17)

වලව ගඟ දෙපස පරිසර හානිය නවත්වන්නැයි ජනතාව ඉල්ලති – ජාවාරම්කරුවන් පසුපස අදිසි හස්තයක් – (පිටුව 17)

මව්බිම

තෙල් බවුසර් දෙක රේගුවට දුන් පොලිසියට අධිකරණයෙන් කුණු බැණුම් – (පිටුව 01)

රංජන් මහින්දානන්දගෙන් සමාව ගනි – (පිටුව 01)

විශිෂ්ට ජයග‍්‍රාහී අනාගතයක් ශ්‍රී ලංකාව හිමිකර ගැනීම ස්ථීරයි – චීන තානාපති කියයි – (පිටුව 01)

පොල්තෙල් ආනයනය වෙනුවට විජලනය කළ පොල් ගේන්න තීරණයක් – (පිටුව 04)

ඇස්පනාපිට සිදුවන වන විනාශය නැතැයි ජනපති කියන්නේ කොහොමද – සමන්ත විද්‍යාරත්න – (පිටුව 04)

විෂ පොල්තෙල් ජනතාවට කවන තුරු ආණ්ඩුව මර නින්දේ පසුවුණා – සජිත් ප්‍රේමදාස – (පිටුව 10)

එදා නිලධාරීන්ව ගස් බැන්දා, අද කට වහන්න හදනවා – අයීතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ සමන්මලී ගුණසිංහ – (පිටුව 12)

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්