අද (07) දිනයේ නිකුත් කළ කොවිඩ් – 19 මරණ පිළිබඳ වාර්තාවට අනුව ඊයේ (06) දිනයේ පුද්ගලයින් 38 දෙනෙකු මරණයට පත්ව තිබේ.
කාන්තාවන් 17 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 21 දෙනෙකු ඒ අනුව මරණයට පත්ව ඇත.
ඒ අනුව මෙරටින් නිල ලෙස නිවේදනය කර ඇති මියගිය කොවිඩ් ආසාදිත පුද්ගලයින්ගේ ගණන 3,351 දක්වා ඉහළ ගොස් ඇත.
ශ්රී ලංකාව මේ වනවිට ලෝකයේ වැඩිම ආසාදිතයින් වාර්තාවන රටවල් අතර 73 වන ස්ථානයේ පසුවේ. එමෙන්ම වැඩිම දෛනික මරණ වාර්තාවන රටවල් අතර ශ්රී ලංකාව පසුවන්නේ 13වන ස්ථානයේය.











