අද (23) දිනයේ මේ වනවිට තවත් කොවිඩ් – 19 සාදිතයින් 691 දෙනෙකු මෙරටින් වාර්තාවී ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය අනුව තහවුරු වේ. ඒ අනුව මේ වනවිට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 2,945කි.
එම ආසාදිතයින් වාර්තා වන්නේ අලුත් අවුරුදු කොවිඩ් පොකුරෙන් බවද රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ වනවිට වාර්තා වී ඇති සමස්ත නව කොවිඩ් – 19 පොකුර 157,795ක් දක්වා ඉහළ ගොස් ඇත.
එමෙන්ම මේ වනවිට ආසාදිතයින් 34,402 දෙනෙකු රෝහල්වල ප්රතිකාර ලබන අතර මේ වනවිට මෙරටින් හමුවී ඇති සමස්ත ආසාදිතයින් ගණන 164,187කි.
මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇතැයි නිල ලෙස නිවේදනය කර ඇති ආසාදිතයින් ගණන 1,178කි.
මේ වනවිට ශ්රී ලංකාව පසුවන්නේ වැඩිම ආසාදිතයින් වාර්තා වී ඇති රටයල් අතර 81වන ස්ථානයේය.











