අද ආසාදිත මරණ 42ක්… 11ක් නිවාසවල සිදුවූ මරණ…

අද ආසාදිත මරණ 42ක්… 11ක් නිවාසවල සිදුවූ මරණ…

කොවිඩ් – 19 ආසාදිතව මරණයට පත්වූවන් පිළිබඳව ඊයේ (29) දිනයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත්කරනු ලබන වාර්තාව අනුව මරණ 42ක් සිදුව තිබේ.

එම මරණ 42න් මරණ 11ක්ම සිදුව ඇත්තේ නිවාස තුළදී වීම විශේෂත්වයකි.

මෙලෙස මියගොස් ඇත්තේ ගලිගමුව, අලව්ව, මහනුවර, හලාවත, හැටන්, බලංගොඩ, මස්කෙළිය, බොගවන්තලාව, දංකොටුව, බණ්ඩාරගම, අඟුරුවාතොට, පනාගමුව, ඉබ්බාගමුව, පන්සියගම, කළුවැල්ල, බත්තරමුල්ල, කොළොන්නාව, ලග්ගල, කුණ්ඩසාලේ, ගොමගොඩ, මීතොටමුල්ල, නාගොඩ, අම්බලන්ගොඩ, උග්ගල්බොඩ, දර්ගා, නාවලපිටිය, හැටන්, මහියංගණය, ඌව පරණගම, බදුල්ල, කුරුණෑගල, ඒකල, යාපනය, හොරණ, ගෝවින්න, නිට්ටඹුව, කහටඕවිට යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

ඒ අනුව මෙරටින් නිල ලෙස නිවේදනය කර ඇති මියගිය කොවිඩ් ආසාදිත පුද්ගලයින්ගේ ගණන 1,405 දක්වා ඉහළ ගොස් ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්