අද (30) දිනයේ මේ වනවිට කොවිඩ් – 19 ආසාදිතයින් 2,859 දෙනෙකු මෙරටින් වාර්තාවී ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය අනුව තහවුරු වේ.
එම ආසාදිතයින් වාර්තා වන්නේ අලුත් අවුරුදු කොවිඩ් පොකුරෙන් සහ විදෙස් ගත අයගෙන් බවද රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ වනවිට වාර්තා වී ඇති සමස්ත නව කොවිඩ් – 19 පොකුර 176,889ක් දක්වා ඉහළ ගොස් ඇත.
එමෙන්ම මේ වනවිට ආසාදිතයින් 32,186 දෙනෙකු රෝහල්වල ප්රතිකාර ලබන අතර මේ වනවිට මෙරටින් හමුවී ඇති සමස්ත ආසාදිතයින් ගණන 183,452කි.
ඒ අනුව මෙරටින් නිල ලෙස නිවේදනය කර ඇති මියගිය කොවිඩ් ආසාදිත පුද්ගලයින්ගේ ගණන 1,441 දක්වා ඉහළ ගොස් ඇත. ඒ අද දිනයේ වාර්තා කළ කොවිඩ් මරණ 36ද සමගය.
ශ්රී ලංකාව ලෝකයේ වැඩිම ආසාදිතයින් වාර්තාවන රටවල් අතර 79 වන ස්ථානයේ පසුවේ.
එමෙන්ම ලංකාව අද දිනයේ වාර්තා වූ ආසාදිතයන් ප්රමාණය අනුව දෛනිකව වැඩිම ආසාදිතයන් වාර්තා කළ රටවල් අතර 13 වන ස්ථානයේ පසුවන අතර දෛනිකව වැඩිම මරණ වාර්තා කල රටවල් අතර 16 වන ස්ථානයේ පසු වේ.












