අද (06) දිනයේ මේ වනවිට කොවිඩ් – 19 ආසාදිතයින් 2,976 දෙනෙකු මෙරටින් වාර්තාවී ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය අනුව තහවුරු වේ. අද තවත් වාර්තා කළ ආසාදිතයන් 1,055ත් සමගය.
එම ආසාදිතයින් වාර්තා වන්නේ අලුත් අවුරුදු කොවිඩ් පොකුරෙන් බවද රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ වනවිට වාර්තා වී ඇති සමස්ත නව කොවිඩ් – 19 පොකුර 198,654ක් දක්වා ඉහළ ගොස් ඇත.
එමෙන්ම මේ වනවිට ආසාදිතයින් 36,333 දෙනෙකු රෝහල්වල ප්රතිකාර ලබන අතර මේ වනවිට මෙරටින් හමුවී ඇති සමස්ත ආසාදිතයින් ගණන 205,333කි.
ඒ අනුව මෙරටින් නිල ලෙස නිවේදනය කර ඇති මියගිය කොවිඩ් ආසාදිත පුද්ගලයින්ගේ ගණන 1,696 දක්වා ඉහළ ගොස් ඇත.
ශ්රී ලංකාව මේ වනවිට ලෝකයේ වැඩිම ආසාදිතයින් වාර්තාවන රටවල් අතර 77 වන ස්ථානයේ පසුවේ. එමෙන්ම ලෝකයේ දෛනික වැඩිම ආසාදිතයින් වාර්තා කළ රටවල් අතර 14වන ස්ථානයේ පසුවේ.











