ගුවන් සේවකයන් ඇතුළු මගීන් 52 දෙනෙකුද දරුවන් 10 දෙනෙකුද සමග ඉන්දුනීසියාවේ අභ්යන්තර ගුවන් ගමනක යෙදී සිටියදී අතුරුදන් වූ බෝයිං 737 – 500 වර්ගයේ ගුවන් යානයේ සුන්බුන් මේ වනවිට මුහුදෙන් හමු වෙමින් තිබේ.
සිරිවිජය ගුවන් සේවාවට අයත් SJ 182 නමැති මෙම ගුවන් යානය අතුරුදහන් වූයේ ජකර්තා අගනුවර සිට බෝර්නියෝ දූපත් බලා පියාසර කරමින් සිටියදීය. විනාඩියක් ඇතුළත එය අඩි 10,000ක් පහළට කඩා වැටී ඇති අතර, ඉන්පසු සියලු සම්බන්ධතා ගිලිහී ගොස් තිබේ. මෙසේ සිදුවී තිබෙන්නේ යානය ගුවන් ගත කර විනාඩි 04කට පමණ පසුව ය.
මේ වනවිට ගළවා ගැනීමේ මෙහෙයුම් ක්රියාත්මක අතර ජකර්තාව අවට තවුසන්ඩ් අයිලන්ඩ්ස් ආශ්රිත මුහුදෙන් ලෝහමය සුන්බුන් කැබලි හමු වෙමින් තිබේ. ඒවායේ අනන්යතාවය සනාථ කර නැතත්, විශ්වාස කෙරෙන්නේ ඒවා මෙම ගුවන් යානයේ කොටස් බවයි.















