අත් පා ගැටගසා හිසට වෙඩි තබා ඝාතනය කර ඇති බවට සැක කරන පුද්ගලයෙකුගේ සිරුරක් නවගමුව රනාල ප්රදේශයේ කැලණි ගඟේ පාවෙමින් තිබියදී අද (26) දහවල් හමුවී තිබේ.
මෙම සිරුසේ අත්දෙක දම්වැල්වලින් ගැටගසා අගුලු දමා තිබී ඇත. ඔහුගේ හිසට වෙඩි ප්රහාර දෙකක් එල්ල වී ඇති සලකුණු තිබෙන බවත් පොලීසිය වැඩිදුරටත් පවසයි.
මියගොස් ඇත්තේ අවුරුදු 50ක් පමණ වයසැති පුද්ගලයෙකු බවට සැක කෙරේ.
ඉකුත් 23 වනදා පුද්ගලයෙකුව පැහැරගෙන ගිය බවට හංවැල්ල පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබූ අතර එහි වැඩිදුරටත් සඳහන් වී ඇත්තේ යකඩ දම්වැලකින් අත් ගැටගසා අගුල් දමා ඔහුව යම් කණ්ඩායමක් විසින් රැගෙන ගොස් තිබූ බවය.
ඒ හංවැල්ල ප්රදේශයේ ඔහු රැඳී සිටි තාවකාලික නවාතැන් ස්ථානයේදීය.
මෙම පුද්ගලයා ඔහු විය හැකි බවට පොලීසිය සැක කරයි.










