අත්අඩංගුවට ගත් තෙල් බවුසර දෙකේ ‘ඇෆලටොක්සීන්’ ඇති බව තහවුරු වෙයි

අත්අඩංගුවට ගත් තෙල් බවුසර දෙකේ ‘ඇෆලටොක්සීන්’ ඇති බව තහවුරු වෙයි

පසුගිය දා දංකොටුව ප්‍රදේශයේ තෙල් මෝලක සඟවා තිබියදී අත්අඩංගුවට ගන්නා ලද පොල්තෙල් බවුසර දෙකෙන් ලබාගත් සාම්පලවල ‘ඇෆලටොක්සීන්’ නමැති පිළිකා කාරකය අඩංගු බවට තහවුරු වී තිබේ.

මෙම තෙල් බවුසර වල සාම්පල පරීක්ෂා කරන ලද්දේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසිනි. ඊට අමතරව එහි සාම්පල රජයේ රස පරීක්ෂකට සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන ඒකකය වෙත යොමු කර තිබේ. එම සාම්පලවලට අදාළ වාර්තාද බලාපොරොත්තුවෙන් සිටින බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

මෙසේ අත්අඩංගුවට ගන්නා ලද්දේ ‘එදිරිසිංහ එඩිබල් ඔයිස්ල්’ සමාගමට අයත් බවුසර දෙකකි. ශ්‍රී ලංකා පොලීසිය විසින් එම බවුසර් සිය භාරයට ගෙන මාරවිල අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි. අධිකරණයේ නඩු භාණ්ඩයක්ව තිබූ මෙම තෙල් බවුසර් දෙක පොලිසිය විසින් රේගුව වෙත බාර දීම සම්බන්ධයෙන් දැඩි කතාබහක්ද මතුවූ අතර පොලිසියේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයාගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබිණි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්