මැලේසියානු අග්රාමාත්යවරයා වන නජීබ් රසාක්ට එරෙහිව එරට අගනුවර වන ක්වාලාලම්පූර්හි පවත්වන උද්ඝෝෂණ දැඩි වී ඇති බව වාර්තා වේ.
මූල්ය වංචාවන් සිදු කර ඇති බවට අගමැතිවරයා වෙත චෝදනා එල්ල වන අතර ඔහුට සිය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙසට විරෝධතාකරුවන් බලකර සිටී. පසුගිය 29 වැනි දින සිට මෙම විරෝධතා දැඩි වී තිබෙන බව වාර්තා වේ. තෙවැනි දිනටත් එම විරෝධතා ඊයේ (31) එරට අගනගරයේදී පැවැත්වී තිබේ. එම විරෝධතාකරුවන්ට සහයෝගය පළ කරමින් එංගලන්තයේ ලන්ඩන් නුවර පිහිටි මැලේසියානු මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිටදී මැලේසියානු ජාතිකයින් පිරිසක් පසුගිය 30 වැනිදා විරෝධතා පවත්වා තිබේ.
මැලේසියානු අග්රාමාත්යවරයා තමන්ට එල්ලවන චෝදනා පදනම් විරහිත බව පවසමින් ප්රතික්ෂේප කර තිබේ. 











