ඉන්දියානු සමාජ ක්රියාකාරිනියක් වන ඉරෝම් ෂර්මිලා බානු නැමැත්තිය අවුරුදු 16ක් පුරා එරට හමුදාවට ලබා දී ඇති විශේෂ බලතලවට විරෝධය දක්වමින් පවත්වාගෙන ගිය උපවාසය අත්හැරීමට තීරණය කර තිබේ.
විශේෂ පනතක් මගින් මෙම බලතල ඉන්දීය හමුදාව වෙත ලබා දී ඇති අතර ඒ අනුව ඉන්දීය හමුදාවට වරෙන්තුවක් නොමැතිව ඕනෑම අයෙකු අත්අඩංගුවට ගැනීමට සහ යම් අවස්ථාවලදී වෙඩි තබා ඝාතනය කිරීමටද මෙහිදී බලය ලබා දී තිබේ.
වසර 16 ක් පුරා පවත්වාගෙන යනු ලැබූ උපවාසය අගෝස්තු මස 9 වැනි දින සිට අත්හැරීමට ඇය තීරණය කර ඇති අතර උපවාසය කඩාකප්පල් කිරීමේ අරමුණින් ඇයට බලහත්කාරයෙන් බටයක් යොදා ගෙන ආහාර ලබා දීම් සිදු කර තිබීමද විශේෂත්වයකි.
උපවාසය අත්හරිමින් තමන් එළැඹෙන ප්රාදේශීය මැතිවරණයට ස්වාධීන අපේක්ෂකයකු ලෙස සූදානම් බව ප්රකාශ කර ඇත.












