ඌව පළාත් සභා මැතිවරණයට තරඟවදින පක්ෂයක් වන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා රාජ්ය සේවකයන් යොදාගැනීම සම්බන්ධයෙන් සිය පක්ෂය හෙට (01) පෙරවරු 11.30ට මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ගොනු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා අද (31) පෙරවරුවේ, පැලවත්ත බත්තරමුල්ල පිහිටි එම පක්ෂයේ ප්රධාන කාර්යාලයේ පැවති මාධ්ය හමුවකදී පැවසීය.
ජවිපෙ අපේක්ෂක සුදත් බලගල්ල සහ නීතීඥ සුනිල් වටගල යන මත්වරුන්ගේ ප්රධානත්වයෙන් මෙම පැමිණිල්ල ගොනු කරනු ලබන බව විජිත හේරත් මහතා එහිදී වැඩිදුරටත් පැවසීය.









