2015-2018 කාල සීමාව තුළ රාජ්ය ආයතනවල සිදුව ඇතැයි පැවසෙන දූෂණ වංචා සෙවීමට පත්කළ කොමිසම හමුවේ, ලබන මස 11 වැනිදා පෙනී සිටින ලෙස පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිල මහතාට සිතාසි නිකුත් කර තිබේ.
මඩකලපුව ප්රදේශයේ ආරම්භ කර ඇති පෞද්ගලික අධ්යාපන ආයතනය සම්බන්ධව තමා සතුව ඇතැයි පැවසෙන සාක්ෂි, ලබන 4 වැනිදා කොමිෂන් සභාවේ පොලිස් ඒකකට වෙත ලබා දෙන ලෙසත් 11 වැනිදා කොමිසම හමුවේ පෙනී සිටින ලෙසත් මන්ත්රීවරයාට දන්වා ඇත.
එම ආයතනය සම්බන්ධව තිනියාවල පාලිත හිමියන් සිදුකළ පැමිණිල්ලකට අනුව උන්වහන්සේ ඊයේ(27) දින කොමිසම හමුවේ ප්රකාශ ලබාදී ඇති අතර වැඩිදුර තොරතුරු උදය ගම්මන්පිල මන්ත්රීවරයා සතුව පවතින බව ප්රකාශ කර තිබේ.
ඒ අනුව ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙනී සිට සාක්ෂි හා තොරතුරු ලබාදෙන ලෙස මන්ත්රීවරයාට සිතාසි නිකුත් කර ඇත.










