රතු කැකුළු 88ට සුදු කැකුළු 92ට දෙන බව බන්දුල කියයි

රතු කැකුළු 88ට සුදු කැකුළු 92ට දෙන බව බන්දුල කියයි

මෙම සතියේ සිට රතු කැකැළු, සුදු කැකුළු සහ නාඩු ඉතා අඩු මුදලකට ලබා දෙන බවත් එම ඕනෑම සහල් වර්ගයක් සතොස වෙළෙඳසල්වලින් පහත මිල ගණන්වලට ලබාගත හැකි බවත් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් පවසා තිබේ.

ඒ අනුව රතු කැකැළු කිලෝවක් රුපියල් 88 බැගින්ද මෙම සති අන්තයේ සිට සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 92 බැගින්ද නාඩු සහල් කිලෝවක් රුපියල් 97 බැගින්ද මිලදී ගත හැකි බව ඇමති බන්දුල ගුණවර්ධන සඳහන් කරයි.

එමෙන්ම රතු කැකැළු සහල් කිලෝවක රජයේ සහතික මිල රුපියල් 93ක් බවද ඔහු පවසයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්