
(තෙවන සංස්කරණය) අද (11) මධ්ය රාත්රියේ සිට ඛනිජ තෙල් මිල ඉහල දැමේ. රුපියලේ අගය අවප්රමාණයවීම සහ ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යෑම යන ප්රධාන සාධක දෙක ඛනිජ තෙල් සංස්ථාවට කිසිසේත් දරාගත නොහැකි තරම් පීඩනයක් එල්ල කර ඇති බව ඛනිජ තෙල් සංස්ථාවේ ඉහළ නිලධාරියකු සඳහන් කළේය.
ලෝක වෙළඳ පොළේ තෙල් මිල වැඩිවීම අප රටට පාලනය කළ නොහැකි වුවත් ආණ්ඩුව අනුගමනය කරමින් සිටින වැරදි ආර්ථීක ප්රතිපත්ති නිසා රුපියලේ අගය අවප්රමාණයවීම පූර්ව සැලසුමක් තිබුණේනම් නතර කර ගැනීමේ හැකියාව තිබූ බව ඔහු සඳහන් කළේය. මේ වනවිට ඛනිජ තෙල් සංස්ථාවෙන් ඉන්ධන පිරවුම්හල වෙත තෙල් නිකුත් කිරීම මධ්යම රාත්රිය වන තුරු නතර කර ඇත.
පෙට්රල් ලීටරයක මිල රුපියල් 12කින් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 31කින් ඉහළ දැමේ. මිල වැඩිකිරීමට පෙර ඩීසල් ලීටරයකින් රු.12ක ලාභයක් ඉපයූ අතර පෙට්රල් ලීටරයකින් එය රු.13ක් විය. මේ අතර ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියා සදහන් කළේ පෙට්රල් සහ ඩීසල් මිල ඉහත සදහන් ආකාරයෙන් වැඩිකිරීමට තරම් ලෝක වෙළදපලේ බොරතෙල් මිල වැඩිවී නැති බවයි.
තෙල් මිල වැඩි කර ඇත්තේ මෙසේය.
පෙට්රල් ඔක්ටේන් 90 ලීටරයක් රු. 137/= සිට 149/= (8.75%)
පෙට්රල් ඔක්ටේන් 95 ලීටරයක් රු. 155/= සිට රු.167/= (7.74%)
ඩීසල් ලීටරයක් රු. 84/= සිට 115/= දක්වා රු.31/=න් වඩිකර ඇත. (36.9%)
සුපර් ඩීසල් ලීටරයක් රු.106.30 සිට 142/= දක්වා රු.35.70න් වැඩිකර ඇත. (33.58%)
ආශ්රිත පුවත්
ඉන්දන, විදුලිය මිල ඉහළ යන ලකුණු
ඉදිරි සති කිහිපය තුල ඉන්දන මිල ඉහලයා හැකියි – සුසිල් පේ්රමජයන්ත්









