රක්වාන දෙමුවාත ස්ටෝරු කඩේ ප්රදේශයේ ඉදිකර තිබූ රණවිරු ස්මාරකයක් සහ ආසන්නයේ තිබූ කුඩා බුද්ධ ප්රතිමාවක් කඩා බිඳ දමා විනාශ කර ඇතැයි රක්වාන පොලීසිය පවසයි.
ලද තොරතුරක් මත මෙම සිද්ධිය සම්බන්ධ විමර්ශනයක් ආරම්භ කළ බවද බව ද පොලීසිය පවසයි.
මෙම ස්ථානයේ දේව පිළිමයක් ස්ථාපිත කිරීමට පිරිසක් ගත් උත්සාහයක් තවත් පිරිසකගේ විරෝධය නිසා පසුගිය කාලයේ නතර කිරීමට සිදුවූ අතර මෙම රණවිරු ස්මාරකය සහ බුද්ධ ප්රතිමාව මෙසේ විනාශ කිරීමට එම සිද්ධිය මුල් වූවාදැයි පොලිසිය සැකකරයි.
සිද්ධිය සම්බන්ධයෙන් ප්රශ්න කිරීම සදහා දෙදෙනෙක් සිය බාරයට ගත් බවද පොලීසිය පවසයි.
කෙසේ වෙතත් මීට පෙර කුලියාපිටිය ප්රදේශයේදී දිලීප් කුමාර් නම් 47 හැවිරිදි පුද්ගලයෙකු බුද්ධ ප්රතිමා විනාශ කිරිමේ සිදුවීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අතර ඔහු ඉන්දීය ජාතිකයෙකු බව පසුව අනාවරණය විය. එසේ අනාවරණය වී දින කිහිපයකින් ඔහු බන්ධනාගාරය තුළදීම මරණයට පතිවීමද විශේෂත්වයකි.












