ශ්රී ලංකාවේ පාසල් 10,000කට ෆයිබර් ඔප්ටික් පහසුකම දුන් බවත් මෙය දුරස්ථ අධ්යාපනය සාර්ථක කරගැනීම සඳහා දායක වූ බවත් ජනාධිපති ගෝටාබය රාජපක්ෂ ඊයේ (25) ජාතිය ඇමතීමේ අවස්ථාවේදී ප්රකාශ කළේය. එමෙන්ම තව තවත් පාවසල් මෙම වැඩසටහන සඳහා එක්කරගනිමින් සිටින බවද ජනාධිපතිවරයා අවධාරණය කරයි.
මෙරට රජයේ පාසල් ඇත්තේ 10,165වන නිසා ජනාධිපතිවරයා පවසන පරිදි, අධිවේදී දුරකථන සහ අන්තර් ජාල පහසුකම් සහිත ෆයිබර් ඔප්ටික් පහසුකම ලබාදීමට තවත් ඉතිරිව ඇත්තේ පාසල් 165ක් පමණි.












