පාර්ලිමේන්තුව වහා කැඳවා ව්‍යවස්‌ථාදායක සභාව සක්‍රිය කරන්න

ස්‌වාධීන කොමිෂන් සභා සක්‍රිය කිරීම කඩිනම් කළ යුතු බැවින් ව්‍යවස්‌ථාදායක සභාවට නියෝජිතයන් නම් කිරීම සඳහා කඩිනමින් පාර්ලිමේන්තුව කැඳවන ලෙස විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ජවිපෙ නායක අනුර දිසානායක මහතා ආණ්ඩුවට බල කර සිටී.

පාර්ලිමේන්තුව මීළඟ රැස්‌වීමට නියමිතව තිබෙන්නේ මෙම මස 22දාය. එතෙක්‌ කල්ගත නොකර ඊට පෙර පාර්ලිමේන්තුව කැඳවා ව්‍යවස්‌ථාදායක සභාව සක්‍රිය කළ යුතු යැයි අනුර දිසානායක මහතා අගමැතිවරයාට දැනුම් දී තිබේ.

විධායක සභාව සක්‍රිය නොකර ස්‌වාධීන කොමිෂන් සභා සක්‍රිය කිරීමට නොහැකි වී ඇති බැවින් කඩිනමින් පාර්ලිමේන්තුව කැඳවා මෙම කටයුත්ත සිදුකළ යුතු බව අනුර දිසානායක මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්