යාපනය ශික්ෂණ රෝහලේ පිළිකා අංශය භාර විශේෂඥ වෛද්ය ටී. ජෙයකුමාර් මහතාගේ නිවසට කිසියම් පිරිසක් විසින් පහර දීම සම්බන්ධ විරෝධය පාමින් එම රෝහලේ වෛද්යවරුන් විසින් ඊයේ (14) පෙරවරු 9 සිට ක්රියාත්මක කළ වැඩවර්ජනය හේතුවෙන් රෝහලේ ඇතැම් සායන ප්රතිකාර හා සැත්කම් කටයුතු ඇනහිට තිබූ බව වාර්තාවේ.
මෙම වර්ජනය සඳහා යාපනය රෝහලේ සේවය කරනු ලබන වෛද්යවරුන් 270 දෙනාගෙන් කොටසක් එක් වුවද තවත් කොටසක් සාමාන්ය පරිදි සේවයෙහි නිරත වීම නිසා ඇතැම් බාහිර රෝගී අංශ, සායන, ප්රතිකාර හා සැත්කම් කටයුතු සාමාන්ය පරිදි සිදු වූ බව යාපනය රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙම වර්ජනය පැය 24 ක කාලයක් ක්රියාත්මක වන බවට රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය විසින් ප්රකාශ කර ඇති අතර ඒ අනුව අද (15) උදැසන වර්ජනය අවසන් වීමට නියමිතය.
කිසියම් පිරිසක් විසින් වෛද්යවරයාගේ නිවසට පහරදී තිබූ අතර කළුතෙල් ප්රහාරයක්ද එල්ලකර තිබේ. එම ප්රහාරයෙන් නිවසට හානිසිදව ඇත.









