ගාල්ල විද්යාලෝක විද්යාලයේ පසුගිය සදුදා (01) ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් අධ්යාපන දෙපාර්තමේන්තුව අරඹා ඇති පරීක්ෂණය අවසන් වනතුරු පාසලට නොයන ලෙස නව විදුහල්පතිවරයා වෙත අධ්යාපන අමාත්යාංශය දන්වා ඇත.
නව විදුහල්පති බන්දුල ජයසිංහ මහතා මාධය වෙත ප්රකාශයක් ලබාදෙමින් පවසා ඇත්තේ, තමන්ට මේ බව අධ්යාපන අමාත්යාංශයේ ජාතික පාසල් අධ්යක්ෂවරයා වාචිකව දැනුම්දුන් බවයි.
ඒ පිළිබඳ පරීක්ෂණය ඊයේ (02) දිනයේදි ආරම්භකර ඇති බවද වාර්තා වේ.
පොලීසිය මේ පිළිබඳව සඳහන්කර ඇත්තේ, ඊයේ (02) දිනය වනවිට වීඩියෝ දර්ශන ආධාරයෙන් සිසුන් 14ක් සහ ගුරුවරු 12ක් හඳුනාගෙන ඔවුන්ගෙන් ප්රකාශ සටහන් කරගත් බවයි.
මේ අතර රාජ්ය සේවා කොමිසමේ නිර්දේශ ක්රියාත්මක නොකිරීම හේතුවෙන් ගාල්ල විද්යාලෝක විද්යාලයේ හිටපු විදුහල්පතිවරයාගේ සේවය අත්හිටුවා ඇති බව දකුණු පළාත් අධ්යාපන අධ්යක්ෂ, කිත්සිරි ලියනගමගේ මහතා පවසා ඇත.
ආශ්රිත පුවත්
විද්යාලෝක විදුහල්පති කරාපිටිය රෝහලට
ගාල්ල විද්යාලෝකය නොසන්සුන්තාවක් හේතුවෙන් වසාදැමේ









