ණය වාරිකය ගෙවීමේ සැඟවූ රහස් මෙන්න

පසුගිය ජනවාරි 18 වෙනි දින ස්වෛරීත්ව බැඳුම්කර ණය ඩොලර් මිලියන 500ක් ආපසු ගෙවීමට අදාළව මෙතෙක් හෙළිවී නොතිබුණු කරුණු රැසක් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන ආචාර්ය ඩබ්ලියු. ඒ. විජේවර්ධන හෙළිකර තිබේ.

මේ අනුව ජනවාරි මාසයේදී ඩොලර් මිලියන 500ක් නොව ඊට සමාන්තරව තවත් ණය ගෙවීම් සහ පොලී ගෙවීම් සඳහා ඩොලර් මිලියන 1030ක් වැය කර තිබේ. එම මුදල වැය කර තිබෙන්නේ ජනවාරි 18 වෙනි දින කල් පිරුණු ස්වෛරීත්ව බැඳුම්කර ඩොලර් මිලියන 500 සහ එයට අදාළ පොලිය වශයෙන් ඩොලර් මිලියන 14ක් ගෙවීමටත් ආසියානු නිෂ්කාශන සංගමයට ඩොලර් මිලියන 515ක් ගෙවීමටත් ය.

ඊට අමතරව ජනවාරි 28 වෙනි දින තවත් ඩොලර් මිලියන 24ක පොලී මුදලක් ගෙවා ඇත. එම පොලිය ගෙවා ඇත්තේ ලබන ජූලි මාසයේදී කල් පිරෙන ඩොලර් මිලියන 1000ක ස්වෛරීත්ව බැඳුම්කරය වෙනුවෙනි. මේ අනුව ජනවාරි මාසයේදී විදේශීය ණය, පොලිය සහ අනෙකුත් ගාස්තු වශයෙන් ඩොලර් මිලියන 1053කට අධික මුදලක් විදේශයන්ට ගෙවා තිබේ.

මෙම තොරතුරු 06 වෙනි දින නිකුත් කළ සති අන්ත ලංකාදීප පුවත්පතේ පළ කර ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්