ඇමරිකාව ගිනි ගනී

ඇමරිකා එක්සත් ජනපදයේ නිව් මෙක්සිකෝ ප‍්‍රදේශයෙන් මිට දින 10 කට පෙර ඇරඹි ලැව්ගිනි මේ වන විට පාලනය කල නොහැකි ආකාරයෙන් ප‍්‍රාන්ත 6 ක් පුරා පැතිරෙමින් වර්ග සැතපුම් 200 ක ප‍්‍රදේශයක් දවාඅළු කරමින් තිබෙන බව වාර්තා වේ.
පවතින වියලි කාලගුණික තත්වය සහ දැඩි සුළං හේතුවෙන් වර්ධනය වී ඇති ලැව්ගිනි තත්වය නිසා ඇරිසෝනා, කොලරාඩෝ, මිචිගන්, නෙවාඩා, නිව් මැක්සිකෝ සහ උත්හා ප‍්‍රාන්තයන්හි පිහිටි නගර රැසක් අත්හැර දැමීමට සිදුව ඇතැයි පෙඩරල් ආරංචි මාර්ග සදහන් කරයි.
මේ මොහොතේ ඇමරිකාව මුහුණ දී තිබෙන විශාලතම ආපදාව මෙම වර්ධනය වන ලැව්ගිනි තත්වය බවත් තමන් සතුව ගින්න මැඩපැවැත්වීමේ සම්පත් ප‍්‍රමාණවත් තරම් තිබුණත් එය ඉතාමත් අසීරු කටයුත්තක් වනු ඇති බවත් නිව් මැක්සිකෝ ගිනි නීවීමේ අංශ ප‍්‍රධානියා පවසයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්