
මෙවර පැවති අ.පො.ස. සා.පෙළ විභාගයට පෙනී සිටි 270,314 ක් පමණ සිසු දරුවන්ගෙන් 164,191 එනම් 60.8% ක් සමත්වූ බවට අධ්යාපන ඇමති බන්දුල ගුණවර්ධන මහතා මාර්තු 28 අධ්යාපන අමාත්යාංශයේදී මාධ්ය හමුවේදී උදම් ඇනුවද අමාත්යාංශ සංඛ්යාලේඛණ වලට අනුව 2,000 වර්ෂයේදී මෙම සිසුන් සමග පලමු ශ්රේණියට ඇතුළත් කළ සිසුන් 64,349 ක් එනම් 23% ක් ගතවූ වසර 11 ක පාසල් අධ්යාපනය තුළ පාසල් හැර ගොස් ඇති බවත් රජය අවු 05-16 දක්වා සෑම දරුවෙකුටම නොමිළයේ අනිවාර්ය අධ්යාපනය ලබාදීම සහතික කළ යුතු තත්වයක් තුළ එක් වසරක ප්රතිඵලයක් දෙස බලා වැරදි අර්ථකථන ගෙන හැර දක්වමින් පටු දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් රටත් ජනතාවත් රවටමින් මාධ්ය සංදර්ශන පැවැත්වීම සම්බන්ධව පාසල් සුරැකීමේ ජනතා ව්යාපාරය විරෝධය දක්වා සිටී.
පාසල් සුරැකීමේ ජනතා ව්යාපාරයේ කැදවුම්කරු ධම්මික අලහප්පෙරුම මහතාගේ අත්සනින් යුතුව, මේ බව පැහැදිලි කර එවා ඇති මාධ්ය නිවේදනය සම්පූර්ණයෙන් පහතින් පළවේ.
‘‘එසේම මෙම සිසුන්ගෙන් 106,123 ක් එනම් 39.2 ක් විභාගය අසමත්ව ඇති අතර ඉන් 12,795ක් සියළුම විෂයන් අසමත්ව ඇත. මෙය සමස්ථයක් ලෙස ගත් කළ මෙම තත්වය බෙහෙවින්ම කණගාටුදායක බව අප ඔබට අමුතුවෙන් පැහැදිළි කර දිය යුතු නැත. මේහිදී මෙරට අධ්යාපනයට විවිධ ප්රතිපත්ති හා සැලසුම් ගෙන එමින් දීර්ඝ කාලයක් රට පාලනය කළ වර්තමාන ආණ්ඩුව සෘජුවම වගකිව යුතු බව දැඩිව අවධාරණය කරමු.
එහිදී විශේෂයෙන් වර්තමාන ආණ්ඩුව පසුගිය දශකය තුළ ඉදිරිපත් කළ වාර්ෂික අය-වැය මගින් මෙරට අධ්යාපනයට වෙන් කළ මුදල් බරපතළ ලෙස කප්පාදු කිරීමෙන් එය මැනවින් පැහැදිළිවේ. එවැනි තත්වයක් තුළ රටේ අධ්යාපනය සම්බන්ධව තමන් අනුගමනය කළ ප්රතිපත්ති වල සැබෑ ප්රතිඵල ස`ගවා එහි එක් ප්රතිඵලයකට වැරදි අර්ථකථන දෙමින් රට රවටමින් අධ්යාපනයේ සංවර්ධනයක් පිළිබ`දව උදම්ඇනීමට මෙරට පාලකයින්ට කිසිදු සදාචාරයක් ඇතැයි අපි විශ්වාස නොකරමු.
එසේම ඊට තවත් ප්රධාන හේතු රැුසකි. එහිදි විශේෂයෙන් පාසල් අධ්යාපනය සම්බන්ධයෙන් ජාත්යන්තර මූල්ය ආයතනවල ණය කොන්දේසි වලට යටත්ව ආණ්ඩුව කි්රයාත්මක කළ තෝරාගත් පාසල් පමණක් සංවර්ධනය කිරීමේ ව්යාපෘති හරහා (පර්ෂද,නවෝද්යා, ඉසුරු, සපිරි) දසදසහසකට ආසන්න මෙරට පාසල් පද්ධතියෙන් ග්රාමීය දුප්පත් දරුවන් ඉගෙනුම ලැබූ පාසල් 1590 ක් එනම් සමස්ත පාසල් පද්ධතියෙන් 16% ක් වැසී යාමේ තර්ජනයට ලක්ව ඇති අතර ඉදිරි වසර 04 තුළ ‘‘සපිරි පාසල් දහසක්’’ වැඩපිළිවෙල ගෙන එමින් පාසල් වසා දැමීම තවත් වේගවත් කර ඇත. මෙහිදී රටේ උපත් අනුපාතිකය වාර්ෂිකව ඉහළ ගියද ග්රාමීය පාසල් වැසී යාම නිසා පාසල් හැරයන සිසු සංඛ්යාව ඉහළ අගයක් ගන්නා අතර මෙය මෙරට අධ්යාපනයේ සැබෑ අර්බුදය සැ`ගවීමකි.
එසේම මේ වන විට අධ්යාපන අමාත්යාංශය චක්රලේඛ මගිනකි්රයාත්මක කරන් ‘‘පාසල් නගාසිටුවීමේ වැඩසටහන’’ හරහා මේවන විට මෙරට පාසල් පද්ධතියෙන් බොහොමයක් පාසල්වල නඩත්තු දෙමවිපියන් වෙත පවරා ඇත. ඒඅනුව අදාල පාසල් පරිපාලනය විසින් පාසල් වාරය ආරම්භයත් සමග පාසලේ විවිධ අවශ්යතා පෙන්වා දෙමින් දහස්ගණනින් සිසුන්ගෙන් මුදල් රැුස්කරමින් සිටී. එම මුදල් ගෙවා ගැනීමට නොහැකිව පාසල් හැර යන සිසුන් හා ඔවුන්ගේ දෙමවිපියන් මුහුණ දෙන ඛේදවාචකයන් අප මාධ්ය මගින් කොතෙකුත් දැක ඇත්තෙමු.
එහෙයින් මෙරට ගුරුවරුන්ගෙන් සාතිශය බහුතරයක් සිදුකරන අනේකවත් කැපවීම් තුළ පාසල් අධ්යාපනයේදී සිසුන් යම් ජයග්රහණ අත්පත් කර ගැනීමත්, මෙරට උපදින සෑම දරුවෙකුටම තම දෙමවිපියන් විසින් යහපත් අනාගතයක් උදාකරදීම ස`දහා ඉතිරව ඇති එකම පිළිතුර අධ්යාපනය ලබාදීම වීමත් නිසා අත්පත් කර ගත් ජයග්රහණයක් මෙසේ දේශපාලකයින්ගේ පැවැත්ම වෙනුවෙන් ජයග්රහණයක් ලෙස හුවා දැක්වීමට යත්න දැරීම සම්බන්ධව පාසල් සුරැුකීමේ ජනතා ව්යාපාරය දක්වන්නේ දැඩි පිළිකුලකි.
එහෙයින් මෙම ප්රතිඵල හරහා හෙලිදරව් වන මෙරට අධ්යාපනයේ සැබෑ ඛේදවාචකය රටට ස`ගවා දේශපාලකයින්ට උදම් ඇනීමට නොතබා ඒ සියළු තත්වයන්ට එරෙහිව අප සියලූ දෙනා එකාවන්ව නැගීසිටිීම අද දවසේ අපගේ වගකීම මෙන්ම යුතුකම බවද පාසල් සුරැකීමේ ජනතා ව්යාපරය දැඩිව අවධාරණය කර සිටී.’’









