සන්ධානයට බලය හිමි ප්රාදේශීය සභාවල අයවැය පරාජය වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප්රධානත්වයෙන් ඊයේ (18) පස්වරුවේ අරලියගහ මන්දිරයේ පැවති විශේෂ සාකච්ඡාවේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් , පළාත් සභා මන්ත්රීවරුන් සහ පළාත් පාලන ආයතන ප්රධානින් විවෙචනයකරමින් කතා කර ඇති අතර එහිදී ජනාධිපතිවරයා දැඩිව කිපී සිටි බවත් වාර්තාවේ.
එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ දැනට අයවැය පරාජය වී ඇති පළාත් පාලන ආයතනවල තනතුරු අයවැය පරාජය කීරීමට ඡන්දය ලබාදුන් මන්ත්රීවරුන්ට ලබා නොදෙන බවත් අයවැයට එරෙහිව ඡන්දය ලබාදුන් සන්ධානයේ සියලුම මන්ත්රීවරුන්ගේ සන්ධාන සාමාජිකත්වය අහෝසි කරන බවයි. බොහෝ පළාත්පාලන ආයතනවල අයවැයට පක්ෂන ඡන්දය ලබාදී ඇත්තේ සභපතිවැරයා පමණි.
අයවැය දෙවරක් පරාද වු පසු පළාත් පාලන ආයතනයක සභාපතිවරයාට ධූරය අහිමි වීම වළක්වාලීම සඳහා පළාත් පාලන ආයතන විශේෂ විධිවිධාන පණත සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇති බවත් එහිදී ජනාධිපතිවරයා පවසා ඇත.
විශේෂයෙන් ලබන වසරේ පළාත් සභා තුනක මැතිවරණය පැවැත්වීමට නියමිත බැවින් සන්ධානයට බලය හිමි පළාත් පාලන ආයතනවල අයවැය පරාජය වීම මත රටේ ඇතිවන ජනමතය රජයට හිතකර නොවනු ඇති බවත් එහිදී මතුවී තිබේ.
ඉතා විශ්වාස කටයුතු ආරංචිමාර්ග සඳහන්කරන්නේ පසුගිය 16වනදා ජනාධිපතිවරයාගේ ප්රධානත්වයෙන් පැවති හදිසි කැබිනට් රැස්වීමේදී පළාත් පාලන ආයතන විශේෂ විධිවිධාන පණතේ අදාල වගන්තිය ඉතිහාසයට බලපැවැත්වෙන පරිදි සංශෝධනය කිරීමට ඒකමතිකව තීරණය කර ඇතිබවයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන දේශපාලන විචාරකයින් පවසන්නේ ජනාධිපතිවරයා සන්ධානයේ මහජන නියෝජිතයින්ට තර්ජනය කර ඇති බව මෙම ප්රකාශවලින් පෙන්නුම් කරනා වුවද සන්ධානයට බලය හිමි ප්රාදේශීය සභාවල අයවැය දිගින් දිගටම පරාජය වෙමින් තිබෙන බවයි. එයින් පෙන්නුම් කරන්නේ සන්ධාන තීන්දු තීරණවලට පවා ප්රාදේශීය දේශපාලඥයින් යම් සරමරදමක් බවට පත් වී ඇති ආකාරය බවත් ඔයූහු වැඩිදුරටත් පවසති.









