හදිස් කැබිනට් රැසිවීමක් – ජනපතිත් දිවයිනට

වර්තමාන රාජ්‍ය බලය හොබවන එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන කැබිනට් ඇමතිවරුන්ගේ රැස්වීමක් හදිසියේම කැඳවා ඇතැයි වාර්තාවේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්වෙන බවත් පැවසේ.

ජනාධිපතිවරයා අද රාත්‍රියේ ලංකාවට පැමිණීමට නියමිත අතර මෙම කැබිනට් රැස්වීම හේට (16) පස්වරු 7.00ට කැඳවා තිබේ.

හෙට පුර පසළොස්වක පොහොය දිනයක් වුවද එවන් දිනවල කැබිට් රැස්වීම් නොපවත්වන්නා වුවද සාම්ප්‍රදායිකව කැබිනට් රැස්වීම් ගන්නේ බදාදා දිනයකදී වුවද හෙට හදිසියේම කැබිනට් රැස්වීම කැඳවීමට තීරණය කර ඇත්තේ සංශෝධිත නව පළාත් පාලන පනත නිසා ආණ්ඩුවේ ඉදිරි පැවැත්මට යම් අනතුරක් ඇතිවී තිබෙන බැවින් එම පනත නැවත සංශෝධනය කිරීම සඳහා යැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

එහිදී ආණ්ඩුවේ ඉදිරි අනාගතයට බලපාන වැදගත් තවත් තීරණ කිහිපයක් ගැනීමට නියමිත බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

පසුගිය දා දෙවන වරටත් පරාජයට පත් වී තම සභාපති ධූරය පවා අහිමු වූ, චන්ඩි මල්ලි නොහොත් එම්. කේ. රංජි මහතාගේ පුත් ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති එම්. කේ. අමිල මහතා සභා ලේකම්වරියට තරජනාත්මකව පවසා ඇත්තේ පළාත් පාලන පනත සංශෝධනය කරන බවත් තමාට නැවත සභාපති ධූරය හිමිවන බවත් ජනාධිපතිවරයා තමාට පැවසූ බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහාලේකම් අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) පැවති විනය කමිටුව අවස්ථාවේදී විනය පරීෂණය සඳහා පැමිණ සිටි ශ්‍රීලනිපයේ සභිකයින් අමතා මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇත්තේද මෙම පනත වහාම සංශෝදනය කරන බවත් කිසිවෙකු කලබල ඇතිකර ගත යුතු නැති බවත්ය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්