නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයේ දෙවන අදියර ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කිරීම සඳහා අවශ්ය ක්රියාමාර්ග කඩිනමින් ක්රියාත්මක කරන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්ය පවිත්රා වන්නිආරච්චි මහත්මිය නිලධාරීන්ට උපදෙස් ලබාදී පැය කිහිපයක් ඇතුළත එහි පළමු අධියරේ ක්රියාත්මක වූ බලාගාරය ස්වයංක්රීයවම නතරවී තිබේ.
මේ වනවිට අවස්ථා 20කට වැඩි ගණනකදී නොරොච්චෝලේ විදුලි බලාගාරය අක්රියවී ඇති අතර අවසන් වරට එය අක්රියවී මාස එකහමාරක නඩත්තුවකින් පසු මෙගාවොට් 300ක උපරිම ධාරිතාව ලබාගෙන පැය 48කට පසුව ඊයේ (29) සවස 3.00ට පමණ මෙසේ නැවත අක්රිය වී තිබේ.
බලාගාරයේ වාෂ්ප ටර්බයිනයේ වාෂ්ප ප්රමාණය හා උෂ්ණත්ව ප්රමාණය පාලනය කරන යන්ත්ර පද්ධතියේ (සෙන්සර් පද්ධතියේ) සිදුවූ හදිසි දෝෂ තත්ත්වයක් බලාගාරය ස්වයංකී්රයව අකී්රය වීමට හේතුව බව මේ වනවිට තහවුරු කරගෙන තිබේ.
කෙසේ වෙතත් බලාගාරය යළි පණගැන්වීමට ඉන්ජිනේරුවරුන් විශාල පරිශ්රමයක් ගක්තත්, ඊයේ රාතී්ර 11.00 පමණ වනතුරුත් බලාගාරය යථා තත්ත්වයට පත් කිරීමට හැකියාව ලැබී නැත.









