ඥානසාර හිමි ජයවර්ධනපුර රෝහලෙන් බන්ධනාගාර රෝහලට.

ඥානසාර හිමි ජයවර්ධනපුර රෝහලෙන් බන්ධනාගාර රෝහලට.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වී වසර හයක සිර දඬුවම් නියම වී සිටින බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද (30) ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සිට වැලිකඩ බන්ධනාගාර රෝහලට රැගෙන ගොස් ඇති බව වාර්තා වේ.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කරවීම සම්බන්ධ නඩුව 2016 ජනවාරි මාසයේදී හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදී අධිකරණ භූමිය තුළ කලහකාරී ලෙස හැසිරෙමින් අධිකරණයට අපහාස කිරීම පිළිබඳ චෝදනා හතරකට ගලගොඩඅත්තේ ඥානසාර හිමි වැරදිකරු බවට තීන්දු කළ අභියාචනාධිකරණය එහිමියන්ට වසර 6ක් තුළ ගෙවී යන පරිදි වසර 19ක සිර දඬුවම් නියම කළේ පසුගිය අගෝස්තු 08 වනදා ය.

බන්ධනාගාර නිලධාරින් පෙරවරු 11.45 ට පමණ ගිලන් රථයකින් ඥානසාර හිමියන් බන්ධනාගාර රෝහල වෙත රැගෙන ගොස් තිබු අතර ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ජයවර්ධනපුර රෝහලේ දී ශල්‍යකර්මයකට භාජනය කර තිබුණි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්