ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්ය මධ්යස්ථානයේ අධ්යක්ෂ ජෙනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මැතිවරණ කොමසාරිස්වරයාගේ රාජකාරිය භාරගෙන ඇතැයි අනාවරණය වේ.
ජවිපෙ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා විසින් අද (20) පවත්වන ලද මාධ්ය හමුවකදී මෙම විශේෂ හෙළිදරව්ව සිදුකරන ලදී.
එහිදී ඒ මහතා අනාවරණය කර සිටියේ ලක්ෂ්මන් හුළුගල්ල විසින් තමාට පාර්ලිමේන්තු මන්තී්ර ධූරයක් පිරිනමා ඇති බවයි. කටුවන ඝාතනයෙන් දිනයකට පසුව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්ය මධ්යස්ථානයේ අධ්යක්ෂ ජෙනරාල්වරයා විසින් නිකුත්කරන ලද මාධ්ය නිවේදනයක ‘පාර්ලිමේන්තු මන්තී්ර ටිල්වින් සිල්වා මහතා ඇතුළු පිරිසක්’ යනුවෙන් සඳහන්කරමින් එවා ඇති බවත් පැවසීය “ඒකට අනුව ගත්තොත් මම (ටිල්වින් සිල්වා) පාර්ලිමේන්තු මන්ත්රී කෙනෙක්. ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්ය මධ්යස්ථානය දන්නේ නැහැ මම පාර්ලිමේන්තු මන්තී්ර කෙනෙක් නෙවයි කියලා. මේ අය කොතරම් කලබලයට පත්වෙලාද?” යනුවෙන්ද ටිල්වින් සිල්වා මහතා පැවසීය.









