ප්රසිද්ධ රගර් ක්රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් තමාව අත්අඩංගුවට නොගන්නැයි කොළඹ හිටපු අධිකරණ වෛද්ය නිලධාරී ආනන්ද සමරසේකර කොළඹ ප්රධාන මහේස්ත්රාත් උසාවියට ඉදිරිපත් කළ පෙත්සම් විභාගය සැප්තැම්බර් 01 වැනිදාට කල් දමා තිබේ.
අතිරේක මහේස්ත්රාත් දුලානි අමරසිංහ මහත්මිය අධිකරණයේදී ප්රකාශ කර ඇත්තේ මෙම පෙත්සම විභාග කිරීම සඳහා අද (30) අධිකරණයේ පෙනී සිටින ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නිකුත් කළ නොතීසි නිවැරදි ලෙස බාර දීමට නොහැකි වීම නිසා මෙසේ නඩු විභාගය කල් දමන බව ය.
රගර් ක්රීඩකයාගේ පළමු පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත් වූ කොළඹ හිටපු අධිකරණ වෛද්ය නිලධාරී ආනන්ද සමරසේකර මහතා මේ වනවිට මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්ය විද්යාලයේ උපකුලපතිවරයා ය.
පළමු මරණ පරීක්ෂණයෙන් පසු තාජුඩීන්ගේ අස්ථි කොටස් කිහිපයක් අතුරුදහන් වීම සම්බන්ධයෙන්ද ආනන්ද සමරසේකර මහතා වගකිව යුතු බව වෛද්ය සභාවේ හදිසි වැටලීම් එකකය සිදු කළ පරීක්ෂණයකින්ද තහවුරු කර තිබේ.









