
පාඤ්ඤ නාවික නිලධාරීන් පිරිසක් විසින් සෝමාලියානු කොල්ලකරුවන්ගේ ග්රහණයෙන් මුදාගනු ලැබූ ශ්රී ලාංකික ධීවරයන් හයදෙනා අද (26) පෙරවරු 8.45 කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළින් මෙරටට පැමිණෙන බව ධීවර හා ජලජ සම්පත් අමාත්යාංශයේ ප්රකාශකයෙක් පැවැසීය.
කොල්ලකරුවන්ගේ ග්රහණයෙන් මුදාගනැනීමෙන් පසු අප්රිකා මහද්වීපයේ ප්රධාන සංඝනායක ඉලුක්පිටියේ පඥ්ඥාසේකර නාහිමියන් විසින් මෙම ධීවරයන් හයදෙනා ටැන්සානියාවේ හෝටලයක රඳවා ගැනීමට කටයුතු කෙරුණු අතර කෙන්යාවේ ශ්රි ලංකා මහකොමසාරිස් කාර්යාල නිලධාරීන් පිරිසක් එම ධීවරයින්ට මෙරටට පැමිණීමට අවශ්ය තාවකාලික ගුවන් බලපත්ර රැගෙන ටැන්සානියාවට ගොස් තිබේ.









