
මාතර නිල්වලා ගඟේ මාලිම්බඩ ප්රදේශයේදී මිනීමරු කිඹුලෙකු උගුලට හසුකරගෙන තිබේ.
උතුරු මාලිම්බඩ කුඩාදූව ප්රදේශයේ අටවා තිබූ උගුලකට මෙම කිඹුලා හසුවී ඇති බව වාර්තා වේ.
මෙම කිඹුලා අඩි 12 ක් පමණ දිගින් යුක්තය.
වනජීවී සෞඛ්ය පිළිබද නියෝජ්ය අධ්යක්ෂ වෛද්ය තාරක ප්රසාද් සදහන් කළේ පසුගියදා පාසැල් දරුවෙකු කිඹුලෙකු විසින් ඩැහැගෙන යාමෙන් පසු එම මෙහෙයුම ආරම්භ කරනු ලැබූ බවය.
ඒ අනුව දින කිහිපයක් පුරා මෙහෙයුම් ක්රියාත්මක විය.
මෙලෙස උගුලට හසුවූයේ පාසැල් දරුවා ඩැහැගත් කිඹුලා ද යන්න පිළිබදව නිශ්චිතව ප්රකාශ කළ නොහැකි බව සෞඛ්ය නියෝජ්ය අධ්යක්ෂවරයා සදහන් කළේය.
ඔහු පැවසුවේ මාතර නිල්වලා ගඟේ කිඹුල් මෙහෙයුම් අඛණ්ඩව ක්රියාත්මක කරන බවය.
අල්ලාගත් මෙම කිඹුලා සංරක්ෂණ මධ්යස්ථානයක් වෙත ගෙනයාමට කටයුතු කරන බවද පැවසේ.












