පොලිස් දෙපාර්තමේන්තුවේ සාමාන්ය පොලිස් නිලධාරියාගේ සිට ඉහළ පොලිස් නිලධාරියා දක්වා ඔවුන් මුහුණ දෙන ඛේදවාචකයත්, පොලීසිය නීතිය අතට ගනිමින් සිදු කරන ඝාතන සම්බන්ධයෙනුත් විශේෂයෙන් ඇඹිලිපිටිය සිදුවීමෙන් පසු ඇඹිලිපිටිය පොලීසිය රාජකාරි කටයුතුවලින් සාමාන්ය ජනතාවට මුහුණදීමට සිදුව ඇති තත්වයත් ඊයේ (28) පාර්ලිමේන්තුවේදී ජවිපෙ නායක විපක්ෂයේ ප්රධාන සංවිධායක අනුර දිසානායක මහතා අනාවරණය කළේ ය.
බියට පත්ව ඇති පොලීසිය රාත්රී මුර සංචාර නොකරන බවත් ඒ හේතුවෙන් නගරයේ වෙළෙඳ සැල් තුනක් සොරුන් විසින් කොල්ලකා ඇතැයිද, වෛද්යවරියක දූෂණය වී ඇතැයිද අනුර දිසානායක මහතා වැඩිදුරටත් අනාවරණයට කර සිටියේ ය.









