බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක් කර ගෙල සිරකර මරා දැමුණු සේයා සදෙව්මි දැරියගේ අවසන් කටයුතු අද (15) පස්වරුවේ දිවුලපිටිය – අකරන්ගහ පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය. ඝාතනයට ලක් වූ එම දැරියගේ දේශය පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව ඊයේ (15) පස්වරුවේ පවුලේ ඥාතීන් වෙත භාරදී තිබේ.
ප්රදේශවාසීන් විශාල පිරිසක් එක්ව ඊයේ පස්වරුවේ සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගන්නා ලෙසත් උපරිම දඬුවම් ලබා දෙන ලෙසත් බල කරමින් විරෝධතාවයක්ද පැවැත් වීය.
පොලිස් කණ්ඩායම් කිහිපයක් ඝාතනය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණ ක්රියාත්මක කරන බවත් සිරුර හමුවූ ස්ථානයේ තිබී වැදගත් සාක්ෂි කිහිපයක් හමුවූ බවත් ඒ හරහා පරීක්ෂණ පවත්වමින් තිබෙන බවත් වැඩබලන පොලිස් මාධ්ය ප්රකාශකවරයා පවසයි. ඉතා ඉක්මනින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිවන බවත් පොලිස් මාධ්ය ප්රකාශකවරයා වැඩිදුරටත් පවසයි.









