ඉල්ලා අස්වුනත් සුදර්ශනී ඇමති ධුරයේ වැඩ

සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය පසුගිය 16 වනදා සිය නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රසිද්ධ කළත් එය හුදෙක්ම මහින්දවාදී ඡන්ද තමන් ‍වෙත දිනාගැනීම සඳහා සිදු කළ ප්‍රෝඩාකාරී ඉල්ලා අස්වීමක් බව මේ වනවිට අනාවරණය වී තිබේ.

ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මෙවර මැතිවරණයේ අපේක්ෂිකාවකවද වන අතර මැතිවරණ නීතිය පවා උල්ලංඝණය කරමින් උසස් අධ්‍යාපන හා පර්යේෂණ නියෝජ්‍ය අමාත්‍යවරිය ලෙස ලිපි ශීර්ෂ යොදාගනිමින් ඇය‍ගේ මැතිවරණ බල ප්‍රදේශයේ පාසල්වල ගුරුවරුන් හා විදුහල්පතිවරුන් ඒකරාශී කර ඊයේ (17) සීදූව ශාෂා උත්සවශාලාවේ රැස්වීමක් පවත්වා ඇත.

මේ සම්බන්ධයෙන් ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා විසින් මැතිවරණ ලේකම්වරයාට පැමිණිලි කිරීමටද පසුගියදා කටයුතු කර ති‍බේ.


Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්