මැලේසියාවේ කිනාබලු කඳු මුදුනේ සිට නිරුවත පෙන්වූ විදේශිකයන් සිව්දෙනෙකු අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට පැමිණවීමට සභා ප්රාන්ත පොලීසිය කි්රයා කර ඇත.
කැනඩා ජාතිකයන් දෙදෙනෙක් , බි්රතාන්ය ජාතිකයෙක් සහ නෙදර්ලන්ත ජාතිකයෙක් මෙසේ ප්රසිද්ධියේ නිරුවත පෙන්වීම හේතුවෙන් අත්අඩංගුවට පත්ව ඇත.
දස දෙනෙකුගෙන් සමන්විත සංචාරකයන් කන්ඩායමක් මැලේසියානුවන්ගේ පූජනීය භූමියක් ලෙස සලකන කිනාබලූ කඳු මුදුනෙදී ප්රසිද්ධියේ නිරුවත පෙන්වා පූජනීය භූමිය තුළ මුත්රා කර ඇතැයි පවසන සභා ප්රාන්ත පොලිස් කොමසාරිස්වරයා මෙම අවිනීත කි්රයාවේ යෙදී සැගවී සිටින ඉතිරි පුද්ගලයන් සය දෙනාවද ඉතා ඉක්මනින් නීතිය ඉදිරියට පමුණුවන බව පවසයි.









